කිලිනොච්චියේ ගැටුමක්.. නිවසකට ගිනි ! දැනට නව දෙනකුට තුවාල | Colombocall කිලිනොච්චියේ ගැටුමක්.. නිවසකට ගිනි ! දැනට නව දෙනකුට තුවාල - Colombocall

Hot News

කිලිනොච්චියේ ගැටුමක්.. නිවසකට ගිනි ! දැනට නව දෙනකුට තුවාල





කිලිනොච්චිය සෙල්වනගර් ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 09 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි වාර්තාකරු පවසන්නේ. ගැටුම අතරතුර නිවසකට සහ යතුරුපැදියකට ගිනි තබා තිබෙනවා. තවත් නිවසකට හානි සිදුව ඇති බවයි  වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

කලක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් ගැටුම ඇති වී ඇතැයි සැක කෙරෙනවා. වැඩිදුර විමර්ශන සිදු කරන්නේ කිලිනොච්චිය පොලිසියයි.