කටුගස්තොටදී සුපිරි රියකින් ආයුධ ගබඩාවක් සොයාගනී ! | Colombocall කටුගස්තොටදී සුපිරි රියකින් ආයුධ ගබඩාවක් සොයාගනී ! - Colombocall

Hot News

කටුගස්තොටදී සුපිරි රියකින් ආයුධ ගබඩාවක් සොයාගනී !





කටුගස්තොට මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වාහනයක තිබී ආයුධ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි තිබී චීනයේ නිෂ්පාදිත ගිනිඅවියක්, වායු පිස්තෝල දෙකක්, වායු රයිෆලයක්, උණ්ඩ 7ක් සහ වායු පිස්තෝල සඳහා භාවිත කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් ද සිය භාරයට ගත් බව ය.

ඔවුන්ට මෙම ආයුධ ලබා දුන් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.