මීගමුවේ විනාශයට පත් පොදු දේපල හා පෞද්ගලික දේපල සඳහා වන්දි ගෙවීමට රනිල් නියෝග කරයි | Colombocall මීගමුවේ විනාශයට පත් පොදු දේපල හා පෞද්ගලික දේපල සඳහා වන්දි ගෙවීමට රනිල් නියෝග කරයි - Colombocall

Hot News

මීගමුවේ විනාශයට පත් පොදු දේපල හා පෞද්ගලික දේපල සඳහා වන්දි ගෙවීමට රනිල් නියෝග කරයි







මීගමුවේ සිදු වූ නොසන්සුන්තාවයේදී හානි වූ පොදු දේපළ සහ පෞද්ගලික දේපළවලට වන්දි ගෙවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (05) රාත්‍රියේ සිදු වූ දේපළ හානි පිළිබඳව අවධානය යොමු කරමින් මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වන විට එම ප්‍රදේශවල තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.