රට පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම් නිසා නොසිතූ දෑ හමුවේ ! බර අවි සඳහා යොදන සජීවී උණ්ඩ ! | Colombocall රට පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම් නිසා නොසිතූ දෑ හමුවේ ! බර අවි සඳහා යොදන සජීවී උණ්ඩ ! - Colombocall

Hot News

රට පුරා සිදු කරන සෝදිසි මෙහෙයුම් නිසා නොසිතූ දෑ හමුවේ ! බර අවි සඳහා යොදන සජීවී උණ්ඩ !





ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා රටපුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කෙරෙන බව පොලීසිය පවසනවා.

හදිසි නීති රෙගුලාසි යටතේ සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සදහා පොලීසියට මෙන්ම ත්‍රිවිධ හමුදාවටද බලය තිබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර ජාඇළ, ඒකල ප්‍රදේශයේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් අද පස්වරුව් දැඩි සෝදිසියකට ලක් කෙරුණා.  බර අවි සදහා යොදා ගන්නා සජීවි උණ්ඩ සහ හිස් කොපු තොගයක් එහි තිබී සොයා ගත් බව වාර්තා වෙනවා.

කුරුණෑගල - මීගමුව පාරේ මලියදේව පිරිමි විද්‍යාලයට ආසන්න නිවසක තිබී ස්නයිෆර් ගිනි අවියකට යොදන දුර දක්නයක් සහ ඊට අදාළ සෙසු කොටස් හමුවී තිබෙනවා. සැක සහිත සංයුක්ත තැටි 16 ක් ද කඩු සහ පිහි වැනි තියුණු ආයුධ ද මෙම නිවසේ තිබී හමු වී තිබෙන බවයි  වාර්තාකරු පවසන්නේ.

යුද හමුදාව සහ පොලීසිය එක්ව ගල්කිස්ස හෝටල් පාරේ සිදු කෙරුණු විශේෂ සෝදිසියකදි පකිස්තාන ජාතිකයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකිවීම නිසා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි  වාර්තාකරු පැවසුවේ.

වීසා නොමැතිව ශ්‍රී  ලංකාවේ රැඳී සිටි තවත් විදේශිකයෙකු මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. විමර්ශනවලින් හෙළිව ඇත්තේ ඔහු ඉරාක ජාතිකයෙකු බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය රත්මලාන ප්‍රදේශයේදී සිදුකළ සෝදිසියකදී තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනා. ඔවුන් රැඳී සිටි බොරුපන පාරේ රූපලාවන්‍යාගාරයක තිබී වෝකිටෝකි යන්ත්‍ර 14 ක්, සැක සහිත විදුලි පරිපථ කිහිපයක් සහ සංයුක්ත තැටි 8 ක් ද සොයා ගැණුනු බවයි  වාර්තාකරු පැවසුවේ.

හුණුපිටිය එඬේරමුල්ල ප්‍රදේශයේ සිදුකළ තවත් සෝදිසියකදී පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ  කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැක කටයුතු කඩු, මන්නා, ජංගම දුරකතන 153 ක් සහ  විදේශ ගුවන් ගමන් බලපත්‍ර 34 ක් ද මෙහිදී සොයා ගැණුනු බවයි  වාර්තාකරු පවසන්නේ.