මුස්ලිම් ත්‍රස්තයින් ගැන දිගින් දිගටම පොලිසියට ඔත්තු ලබා දුන් මුස්ලිම් ජාතිකයා මරා දමයි ! | Colombocall මුස්ලිම් ත්‍රස්තයින් ගැන දිගින් දිගටම පොලිසියට ඔත්තු ලබා දුන් මුස්ලිම් ජාතිකයා මරා දමයි ! - Colombocall

Hot News

මුස්ලිම් ත්‍රස්තයින් ගැන දිගින් දිගටම පොලිසියට ඔත්තු ලබා දුන් මුස්ලිම් ජාතිකයා මරා දමයි !





අන්තවාදී  ක්‍රියා පිළිබඳ පොලීසියට තොරතුරු ලබාදුන් මුස්ලිම් ජාතිකයෙකු අත්තනගල්ල, අලවල ප්‍රදේශයේදී ඝාතනය කර තිබෙනවා.

මොහොමඞ් ආදීල් නැමැති ඝාතනයට ලක් වූ මෙම පුද්ගලයා වඩේ වෙළදාමේ නිරත වූ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

බරපතල තත්ත්වයේ පසු වූ එම පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

අවස්ථා ගණනාවකදී අන්තවාදී ක්‍රියා පිළිබඳ මොහු පොලීසිය වෙත තොරතුරු ලබාදී ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. මෙම ඝාතනය අන්තවාදී කල්ලියක ක්‍රියාවක් විය හැකි බවයි සැක පළ කරන්නේ. නිට්ටඹුව පොලීසිය මගින් මෙම ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.