අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි ! ආරක්ෂක අංශ සීරුවෙන් ! | Colombocall අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි ! ආරක්ෂක අංශ සීරුවෙන් ! - Colombocall

Hot News

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වෙයි ! ආරක්ෂක අංශ සීරුවෙන් !





හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඉකුත්දා හදිසි නීතිය ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප්‍රහාරයත් සමගයි.

මේ අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහීම් විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තහනම් කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් ජනාධිපති මෛත්‍රි පාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කර තිබෙනවා.

මෑතකදි සිදුවූ ත‍්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ජාතික ආරක්‍ෂාවට ඇති වූ තර්ජන සැලකිල්ලට ගනිමින් රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි අදාළ සංවිධාන තහනම් කෙරුණේ.