මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත් වෙයි ! මෝදිගේ ආරාධනයක් ! | Colombocall මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත් වෙයි ! මෝදිගේ ආරාධනයක් ! - Colombocall

Hot News

මෛත්‍රීපාල ජනාධිපතිවරයා ඉන්දියාව බලා පිටත් වෙයි ! මෝදිගේ ආරාධනයක් !






ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සදහා අද (30) දින උදෑසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එතුමා සමග තවත් 12 දෙනෙකු දූත පිරිස ලෙස පිටත්ව ගිය අතර, ඔවුන් අද උදෑසන 8.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ඉන්දීය ගුවන් සේවයේ AI - 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියා.

මෙම ගුවන් යානය උදෑසන 11.50ට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ලඟා වීමට නියමිතයි.