අපි දෙන්නා ඉන්නෙ ශක්තිමත් තැනක. සජිත් පාඨලී එක මතයක ! | Colombocall අපි දෙන්නා ඉන්නෙ ශක්තිමත් තැනක. සජිත් පාඨලී එක මතයක ! - Colombocall

Hot News

අපි දෙන්නා ඉන්නෙ ශක්තිමත් තැනක. සජිත් පාඨලී එක මතයක !






ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ස්ථාවරය ඉතාම හොද තැනක පවතින බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සුරියවැව සතිපොළ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා.

“බොහෝ දුරට අපේ චම්පික රණවක ඇමතිතුමා සහ මම දරණ ස්ථාවරය අතර මහලොකු වෙනසක් නෑ. අපි බොහෝ දුරට මේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරනකොට අපි දෙන්නම ඉන්නේ ඉතාම හොඳ තැනක. ඉතාම ශක්තිමත් තැනක. “ යනුවෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලා.