මහින්දට තව වසර දහයක් යනතුරු ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ. රිෂාඩ් කෑ මොර දෙයි ! | Colombocall මහින්දට තව වසර දහයක් යනතුරු ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ. රිෂාඩ් කෑ මොර දෙයි ! - Colombocall

Hot News

මහින්දට තව වසර දහයක් යනතුරු ආණ්ඩුවක් හදන්න දෙන්නේ නෑ. රිෂාඩ් කෑ මොර දෙයි !






වසර 10 ක් යනතුරු මහින්ද පාර්ශවයට ආණ්ඩුවක් හදන්න ඉඩ නොදෙන බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා මහත් ආවේගයෙන් පවසා තිබේ.

පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීම අමතමින් ඇමැතිවරයා ආවේගයෙන් මේ බව කියූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඊට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් තමන් ‘ඔයගොල්ලොත් සමග ආණ්ඩු නොහදා වසර සීයක් වුණත් විපක්ෂයේ ඉන්න අපි ලෑස්තියි’ යනුවෙන් පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය

වහාබ්වාදී අන්තවාදීන්ගේ බලපෑමට යටත් වූ ආණ්ඩුවක් කිසිසේත්ම සෑදිය නොයුතු බවත් එසේ සාදන ආණ්ඩුව තමන් කිසිසේත්ම නොසිටින බවත් වීරවංශ මහතා පැවසීය.

වහාබ්වාදී අන්තවාදයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බේරාගත යුතු බවත් මහා සමාජය සමග සමජීවනයෙන් කටයුතු කිරීමට එවිට යැකි බවත් පැවසූ ඔහු එවිට අන්තවාදී නොවන මුස්ලිම් නායකයන් එම සමාජයෙන් මතුවනු ඇතැයිද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යූ ටියුබ් වෙබ් අඩවියේ ඉරාජ් වීරරත්න සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකදීය.