මාරවිලදී පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට ! | Colombocall මාරවිලදී පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට ! - Colombocall

Hot News

මාරවිලදී පොලිස් වෙඩි පහරින් අයෙක් මරුට !





මාරවිල පොලීසියේ නිලධාරියෙකු විසින් කරන ලද වෙඩි තැබීමකින් 31 හැවිරිදි අයෙකු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය පවසනවා.

ඊයේ (05) රාත්‍රි 9.00 ට පමණ මාරවිල නගරයේදී මෙම වෙඩි තැබීම සිදුවී තිබෙනවා.

මිය ගොස් ඇත්තේ හලාවත - මුගුණුවටවන පදිංචිව සිටි අජිත් ප්‍රසන්න (අවු:31) නම් අයෙක්.

මාරවිල නගරයේ රාත්‍රි කාලයේ රැඳී සිටි පිරිසක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, එම අවස්ථාවේදී ඔවුන් අතර සිටි එක් අයෙකු පොලිස් නිලධාරීන් හා පොර බදා ඇති බවත් පොලීසිය සඳහන් කළ බවයි  වාර්තාකරු සඳහන් කරන්නේ. මෙම අවස්ථාවේදී වෙඩි වැදීම සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

වෙඩි වැදුණු තරුණයාව එම අවස්ථාවේදීම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.