පල්ලියකින් රන්මාල කොල්ලකෑ බවට ඥාණසාර හිමිට තිබූ නඩුවක තීන්දුව මෙන්න | Colombocall පල්ලියකින් රන්මාල කොල්ලකෑ බවට ඥාණසාර හිමිට තිබූ නඩුවක තීන්දුව මෙන්න - Colombocall

Hot News

පල්ලියකින් රන්මාල කොල්ලකෑ බවට ඥාණසාර හිමිට තිබූ නඩුවක තීන්දුව මෙන්න





තලාහේන ප්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රංමාල කොල්ලකෑ බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවකින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුවක් අද නැවත තහවුරු කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණය විසින්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබුණා.

එහෙත් එම අභියාචනය ඉල්ලා අස්කර ගැණුනු අතර ඒ අනුව එම අභියාචනය නිශ්ප්‍රභා කෙරුණා.

ඒ බව සැලකිල්ලට ගනිමිනුයි මෙම නඩුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නැවත තීන්දු කළේ.