රිෂාඩ් අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වලා ! | Colombocall රිෂාඩ් අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වලා ! - Colombocall

Hot News

රිෂාඩ් අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගෙන්වලා !





කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ඔහු ඊයේ (25) කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

2014 – 2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි අමාත්‍යවරයා කැඳවා ඇත්තේ.

පැය 06ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (25) සවස 4.30ට පමණ අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.