මෛත්‍රීට විරුද්ධව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමට ගිය කිරිඇලගේ ගෝලයෝ කොටු ! | Colombocall මෛත්‍රීට විරුද්ධව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමට ගිය කිරිඇලගේ ගෝලයෝ කොටු ! - Colombocall

Hot News

මෛත්‍රීට විරුද්ධව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමට ගිය කිරිඇලගේ ගෝලයෝ කොටු !







ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් සකස්කළ ලිපි 600ක් සමග සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සේවකයන් තිදෙනෙකු බව කියන මෙම සැකකරුවන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වත්තේගම, අලව්ව හා පොල්ගොල්ල පදිංචි අවුරුදු 28, 41 හා 24 යන වයස්හි පසුවන සැකකරුවන් තිදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ලිපිවල රාජ්‍ය විරෝධී වචන සහිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.