ලංකාවටම මත් පෙති බෙදූ ගබඩාව වටලයි ! ත්‍රස්තයින්ට සම්බන්ධ ඉන්දියානුවන් අත් අඩංගුවට (PHOTOS) | Colombocall ලංකාවටම මත් පෙති බෙදූ ගබඩාව වටලයි ! ත්‍රස්තයින්ට සම්බන්ධ ඉන්දියානුවන් අත් අඩංගුවට (PHOTOS) - Colombocall

Hot News

ලංකාවටම මත් පෙති බෙදූ ගබඩාව වටලයි ! ත්‍රස්තයින්ට සම්බන්ධ ඉන්දියානුවන් අත් අඩංගුවට (PHOTOS)





කාත්තන්කුඩි ප්‍රදේශයේ නීති විරෝධීව රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඔවුන් සතුව කිසිදු නීත්‍යානුකූල වීසා බලපත‍්‍රයක් නොතිබූ බවයි පොලිසිය පැවසුවේ.

මෙම විදේශිකයින් මාස කිහිපයක් මෙලෙස වීසා නොමැතිව මෙරට රැඳී සිට ඇති බවද අනාවරණ වී තිබෙනවා. මේ අයුරින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශීය ජාතිකයින් රැසක් ඉකුත් දින කිහිපයේ පමණක් අත්අඩංගුවට පත් වුණා.

මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමට අයත් බවට සැක කෙරෙන කොළඹට මත්පෙති බෙදාහරින ජාවාරමක ප්‍රධාන ගබඩාවක් කොළඹ ආදුරුප්පුවීදියේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබ තිබෙනවා.

මෙහි තිබී මත්පෙති 63,000ක් සහ ගබ්සා පෙති තොගයක් ද සොයා ගැනීමටයි හැකි වී ඇත්තේ.

මෙම ගබඩාව පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඊබ‍්‍රහිම් නමැත්තාගේ නිවසේ තිබී සොයාගත් මත් කුඩු  සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදීයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සහ පිට පළාත්වලට මත්පෙති බෙදාහැරි සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.