කුරුණෑගල සැකකාර මුස්ලිම් වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ! | Colombocall කුරුණෑගල සැකකාර මුස්ලිම් වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ! - Colombocall

Hot News

කුරුණෑගල සැකකාර මුස්ලිම් වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට !





සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගලදී අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නමැත්තා වැඩිදුර ප්‍රශ්ණ කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ. සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේවනවිට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි රෝහලේ අධ්‍යක්‍ෂවරයා අද (25) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ.

එම වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේ සේවය කිරීමට පෙර තවත් රෝහල් කිහිපයක සේවය කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඔහුගෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්නම් මේ දක්වා එම වෛද්‍යවරයා සිදු කළ සීසේරියන් සැත්කම් පිළිබඳ තොරතුරු ඇසුරෙන් එහි සත්‍ය, අසත්‍යතාව සොයා බැලිය හැකි බවයි කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පැවසුවේ.