මිනුවන්ගොඩ සිද්ධිය සම්බන්ධයෙන් මධු මාධව ගමන්ගත් රථය පොලිස් භාරයට | Colombocall මිනුවන්ගොඩ සිද්ධිය සම්බන්ධයෙන් මධු මාධව ගමන්ගත් රථය පොලිස් භාරයට - Colombocall

Hot News

මිනුවන්ගොඩ සිද්ධිය සම්බන්ධයෙන් මධු මාධව ගමන්ගත් රථය පොලිස් භාරයට





මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කිරිල්ලවල වෑබඩ ප්‍රදේශයේ නිවසකදී මෙම වාහනය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.  එහි අංකය H J 4747 බවද පොලිසිය පවසනවා. 

වාහනයේ හිමිකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

මේ සම්බන්ධයෙන් විමසීමට මධුමාධව අරවින්ද ද දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කලත් එම උත්සහය සාර්ථක වූයේ නැහැ.