රිෂාඩ් අනාථ කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ! | Colombocall රිෂාඩ් අනාථ කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි ! - Colombocall

Hot News

රිෂාඩ් අනාථ කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි !




අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයා වෙත භාර දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

 මේ පිළිබඳ කරුණු විමසිමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල පැවසුවේ උදෑසන 10.00ට විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවයි.

මෙම විශ්වාසභංග යෝජනාවට සහය පළ කරන අනෙක් පාර්ශ්ව පිළිබඳව ද  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ "ජවිපෙ ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් පිළිබඳත් මෙම චෝදනා අතරේ තිබෙනවා. ඒ නිසා ජනතා විමුත්කි පෙරමුණට මේකට අත්සන් කරන්න අපි ආරාධනා කළේ නෑ. ඔවුන් අපහසුතාවයට පත්වෙන නිසා. නමුත් ඔවුන්ට ඕනේ නම් පුළුවන් අන්තවාදයට තමන්ගේ විරෝධය පෙන්නුම් කරන්න විවාදයේදී එකට එකතු වෙන්න පුළුවන්. ශ්‍රීලනිපය දැනුම් දුන්නේ මන්ත්‍රි කණ්ඩායම සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි. " යනුවෙනි.