මාපලගම ගුණසිරි හිමිට පහරදී ඝාතනය කරයි | Colombocall මාපලගම ගුණසිරි හිමිට පහරදී ඝාතනය කරයි - Colombocall

Hot News

මාපලගම ගුණසිරි හිමිට පහරදී ඝාතනය කරයි





පහරදී ඝාතනය කරන ලද හිමිනමකගේ සිරුරක් හමු වී තිබෙනවා.

ඊයේ (30) රාත්‍රි 8.00ත් අද (01) අලුයම 5.00ත් අතර කාලයේදී මෙම ඝාතනය සිදු වෙන්නට ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

නාගොඩ පොලිස් වසමේ මාපලගම විද්‍යාතිලක පිරිවෙනෙහි වැඩ විසූ විහාරාධිපති හිමියන්ව මෙලෙස විහාරස්ථානයේ ආවතේව කරමින් සිටි ගිහි ගෝලයෙකු විසින් පහරදී ඝාතනයට ලක් කර ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

මාපලගම ගුණසිරි හිමි නම් වන මෙම හිමිනම මුදල් ආරවුලක් මත මෙලෙස ඝාතනය සිදුකර ඇති බවද වාර්තා වෙනවා.

සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසි විමර්ශන ක්‍රියාත්මකයි.