ලංකාවේ බෞද්ධ මව්වරුන්ගේ පැලෝපීය නාලය සූක්ෂමව ගැට ගසා දරුවන් 4000 ක් විනාශ කල ලංකාවේ තව්හිද් දොස්තර ! | Colombocall ලංකාවේ බෞද්ධ මව්වරුන්ගේ පැලෝපීය නාලය සූක්ෂමව ගැට ගසා දරුවන් 4000 ක් විනාශ කල ලංකාවේ තව්හිද් දොස්තර ! - Colombocall

Hot News

ලංකාවේ බෞද්ධ මව්වරුන්ගේ පැලෝපීය නාලය සූක්ෂමව ගැට ගසා දරුවන් 4000 ක් විනාශ කල ලංකාවේ තව්හිද් දොස්තර !




සිංහල බෞද්ධ මවුවරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත්කළ බව කියන තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය ගැටගසා ඔවුන් වඳ භාවයට පත්කර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් 7000කට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදුකර ඇති අතර ඒ අතරින් 4000කට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත්කර ඇති බව හෙළි වී තිබෙනවා.

මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇතැයි සඳහන්.

වෛද්‍යවරයා මෙම අපරාධය සිදුකළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බවයි එම ආරංචි මාර්ග කියා සිටියේ.

හේමන්ත රන්දුණු