දුම්මලසූරිය ප්‍රදේශයෙන් බෝම්බ 08 ක් සමඟ හත් දෙනෙක් අත් අඩංගුවට ! | Colombocall දුම්මලසූරිය ප්‍රදේශයෙන් බෝම්බ 08 ක් සමඟ හත් දෙනෙක් අත් අඩංගුවට ! - Colombocall

Hot News

දුම්මලසූරිය ප්‍රදේශයෙන් බෝම්බ 08 ක් සමඟ හත් දෙනෙක් අත් අඩංගුවට !




යුද හමුදාව හා පොලීසිය එක්බද්ධව දුම්මලසූරිය යදම්වෙල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෙට්‍රල් බෝම්බ 08ක් , යතුරු පැදියක් හා රුපියල් 5 60,000 ක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබූ ආරක්ෂක අංශය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර බේරුවල , මරදාන වරාය පාර ප්‍රදේශයේ හා මහගොඩ යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකින් යුදහමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සොයා ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි .