මීගමුවේ තත්වය බරපතල වෙයි ! හෙට උදේ 07.00 වනතුරු පොලිස් ඇඳිරිනීතිය (PHOTOS) | Colombocall මීගමුවේ තත්වය බරපතල වෙයි ! හෙට උදේ 07.00 වනතුරු පොලිස් ඇඳිරිනීතිය (PHOTOS) - Colombocall

Hot News

මීගමුවේ තත්වය බරපතල වෙයි ! හෙට උදේ 07.00 වනතුරු පොලිස් ඇඳිරිනීතිය (PHOTOS)







මීගමුව පොරතොට තක්කියා මාර්ගයේ ඇතිවූ නොසන්සුන්තාවය දුරදිග යාම නිසා එම ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. ඒ (06) හෙට උදෑසන 07.00 දක්වා.

මෙසේ ජනතාව කෝපයට පත් වී ඇත්තේ රිය අනතුරක් නිසා බව පිරිසක් කියා සිටින අතර තවත් පිරිසක් කියා සිටින්නේ මෙය ධීවර ප්‍රජා දෙකක් අතර පෞද්ගලික ආරවුලක් බවයි.

කෙසේ නමුත් මේ නිසා වාහන කිහිපයක් ගිණි තබා ඇති අතර ගුටිබැට හුවමාරුවක් ද සිදු වී ඇති බව වාර්තා වෙනවා.

මෙසේ  ගැටුම් ඇතිවීම තුළින් සිදුවන්නේ අන්තවාදීන්ගේ අරමුණු ඉක්මණින් ඉෂ්ඨවීම බව සමාජ මාධ්‍ය පරිශීලකයින් පවසනවා.

මෙම කලබලකාරීතත්වය ඇතිවූ ප්‍රදේශයේ බහුතරයක් මුස්ලිම් ජනයා සිටින බවත් එම නිසා මෙය තරමක් දරුණු වීමට පෙර ආරක්ෂක අංශ දැනුවත්කර තත්වය පාලනය කිරීමට ඇඳිරිනීතිය පැනවූ බවත් වාර්තා වෙනවා.

මීගමුව ප්‍රදේශයේ පාසල් දරුවන් යැවීම භයානක බවත් මෙම අර්බුධ සියල්ල විසඳෙන තෙක් තමන් දරුවන් පාසල් නොයවන බවත් මීගමුව ප්‍රදේශයේ පිරිසක් කියා සිටියා.