රවීගේ උවමනාවට පාවෙන විදුලි බලාගාරයක් කොළඹ මුහුදට ! (PHOTOS) | Colombocall රවීගේ උවමනාවට පාවෙන විදුලි බලාගාරයක් කොළඹ මුහුදට ! (PHOTOS) - Colombocall

Hot News

රවීගේ උවමනාවට පාවෙන විදුලි බලාගාරයක් කොළඹ මුහුදට ! (PHOTOS)






ශ්‍රී ලංකාවට බලපා ඇති විදුලි අර්බුදය හේතුවෙන් අවශ්‍ය වී තිබෙන අතිරේක විදුලිය ලබා ගැනීම සඳහා බලාගාරයක් සහිත යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී තිබෙන බව වාර්තා වෙයි.

මෙම කටයුත්ත සිදු කරනු ලබන්නේ ඉහළ පෙළේ දේශපාලනඥයකුගේ සමීප හිතවතකු විසින් යැයි ද සදහන්ය.

මෙම පාවෙන බලාගාරයෙන් දෛනිකව මෙගාවොට් 100 ක විදුලි බලයක් උත්පාදනය කළ හැකි බවත් මේ සඳහා අති විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් දැනගන්නට තිබේ.

දැනට ඇති විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙම බලාගාරයේ ගෙන ආවද එය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට තවත් මාසයක පමණ අතිරේක කාලයක් ගතවනු ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් මෙම බලාගාරය කොළඹ වරායෙන් පිටත නවතා තිබෙන බවට වාර්තා වී ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා කියා සිටී.