කල්මුණේ අයිසිස් ත්රස්තයින් පරලොව යයි ! (PHOTOS)
කල්මුණේ සයින්දමරදු ප්රදේශයේදි ආරක්ෂක අංශ සහ අන්තවාදි සාමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදුවු ප්රදේශයේ නිවසක් තුල හා ඒ ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරූ 15ක් මේ වන විට සොයා ගෙන තිබෙනවා.
ඒ අතර පිරිමි මළ සිරුරූ 6ක් කාන්තා මළ සිරුරූ 3ක් සහ කුඩා දරුවන් 6 දෙනෙකුගේ සිරුරූ ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර බරපතළ තත්ත්වයේ පසුවු කාන්තාවක් හා කුඩා දරුවෙකු රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
සැකකටයුතු පුද්ගලයින් පිරිසක් පිළිබදව ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදි එම ප්රදේශයේ නිවසක් තුල සිටි අන්තවාදින් පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බළකායට වෙඩි ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
වේඩි ප්රහාරයත් සමගම එම සැකකටයුතු නිවස තුලින් විශාල පිපිරිම් ශබ්ද ඇසුනු බවත් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදි නිවස තුල තිබි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයින් තිදෙනෙකුගේ සිරුරූ ද, කාන්තාවන් තිදෙනෙකුගේ සහ කුඩා ළමුන් 6 දෙනෙකුගේ සිරුරූ සොයා ගෙන තිබෙනවා.
ඊට අමතරව එම නිවසින් පිටත තිබි මරාගෙන මැරෙන බෝම්කරුවන් තිදෙනෙකුගේ සිරුරූ හමුවු බවයි පොලිසිය සදහන් කරන්නේ.
ප්රදේශයේ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.