මෝඩයගේ දවසේ කොකේන් විනාශ කරපු හැටි මෙන්න (PHOTOS) | Colombocall මෝඩයගේ දවසේ කොකේන් විනාශ කරපු හැටි මෙන්න (PHOTOS) - Colombocall

Hot News

මෝඩයගේ දවසේ කොකේන් විනාශ කරපු හැටි මෙන්න (PHOTOS)








දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉකුත් වසර තුනේදී අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 769 කට අධික ප්‍රමාණයක් විනාශ කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, සපුගස්කන්ද සුරවීර ගබඩා සංකීර්ණයේදීයි.

මෙලෙස විනාශ කෙරෙන මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන දස දහස් තිස් පහකට අධිකයි.

ඒවා අද (01) පෙරවරුවේ විශේෂ ආරක්‍ෂාවක් යටතේ අදාළ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ආවා. එහිදී අදාළ මත්ද්‍රව්‍ය තොගය දියකර පුත්තලමේ සිමෙන්ති කම්හලක් වෙත රැගෙන ගොස් එම ද්‍රාවණය දහනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම කටයුතු නිරීක්‍ෂණය සඳහා පැමිණීමට නියමිතයි.

අද දිනයේ මෙලෙස විනාශ කරන්නේ අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ කොකේන් තොගයක්.

 මීට පෙරද ඉකුත් වසරේ ජනවාරි මාසයේදී මෙලෙසම මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණා.