ත්‍රස්ත සාමාජිකයින්ට විදේශ රටවල පුහුණු වෙලා ලංකාවට එන්න පුළුවන් ! රජය අත් අඩංගුවට ගන්නේ නෑ. (EXCLUSIVE) | Colombocall ත්‍රස්ත සාමාජිකයින්ට විදේශ රටවල පුහුණු වෙලා ලංකාවට එන්න පුළුවන් ! රජය අත් අඩංගුවට ගන්නේ නෑ. (EXCLUSIVE) - Colombocall

Hot News

ත්‍රස්ත සාමාජිකයින්ට විදේශ රටවල පුහුණු වෙලා ලංකාවට එන්න පුළුවන් ! රජය අත් අඩංගුවට ගන්නේ නෑ. (EXCLUSIVE)





රනිල් වික්‍රමසිංහ නැමැති ලංකාවේ අග්‍රාමාත්‍ය තනතුර හොබවන පුද්ගලයා ඊයේ(25) විදෙස් මාධ්‍ය අමතමින් අපූරු ප්‍රකාශයක් කර තිබෙනවා.

එහි දැක්වෙන පරිදි ස්කයි නිවුස් පුවත් සේවයට රනිල් වික්‍රමසිංහ නැමැති මෙම පුද්ගලයා කියා සිටින්නේ  මෙම අයි.එස්.අයි.එස් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පිරිසක් විදේශයන්ගේ පුහුණුව ලබා නැවත ලංකාවට පැමිණි බව තමා ඇතුළු රජය දැනුවත්ව සිටි බවයි.

ඇමරිකාවේ 09.11 ප්‍රහාරයට පසු බිහිසුණුම ප්‍රහාරය ලෙස සැලකෙන ප්‍රහාරයක් ලංකාවට එල්ල වී තිබියදී සියළු දේශපාලකයින් ඉතා නිහඬ ඇල් මැරුණු ස්භාවයකින් සිටින්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැකගැනීම පිළිබඳ ඔවුන්ට කිසිදු වගකීමක් නොමැති බව කියාපෑමට විය යුතුයි.

රනිල් වික්‍රමසිංහ වැඩි දුරටත් එම ස්කයි නිවුස් පුවත් සේවයට පවසන්නේ විදේශයන්ගේ ත්‍රස්ත පුහුණුව ලැබ ලංකාවට පැමිණීම ලංකාවේ නීතියට පටහැනි නොවන නිසා ඔවුන් අත් අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවයි. රටක අග්‍රාමාත්‍යවරයෙක් මෙසේ වගකීම් විරහිත ලෙස ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ලාංකිකයින් වන අප සියලු දෙනාම තරයේ හෙළා දැකිය යුතු වෙනවා.

ඔහු පවසන කරුණු අනුව ගත් විට ඕනෑම ත්‍රස්තවාදියකුට විදේශයන්ගේ පුහුණුව ලැබ ලංකාවේ මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීමට හැකියාවක් තිබෙනවා.එම ත්‍රස්තයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු අයෙකුට හැකියාවක් නොලැබෙනවා.

රටක ජනතාව ඡන්දයකදී තමා අරක්ෂා කරමින් රට සංවර්ධනය කිරීම උදෙසා නායකයින් පත් කරනවා. එසේ පත් කල නායකයින් අතුරින් අගමැතිධූරය දරණ රනිල් විදෙස් මාධ්‍ය වෙත ඉතා සිනාමුසු මුහුණින් ලාංකිකයින්ගේ ජීවිත අවධානමේ ඇති බවත් තමා ඇතුළු රජයට ඒ සඳහා කළ හැකි දෙයක් නොමැති බවත් කීම ජාතියේ අවාසනාවයි.

රාජිත සේනාරත්න , ජෝන් අමරතුංග , මනෝ ගණේෂන් නැමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍ය සාකච්ඡා තියමින් සිනහ වෙන්නේ ඔබ මා ඇතුළු සමස්ථ ලාංකිකයින්ටයි.මෙවන් නායකයින්ගෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න යැයි ඉල්ලීම පවා විහිළුවකි.

මෙම විනාශයන් පිළිබඳ කල් තියාම දැන  ඒවා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කල මන්ත්‍රීවරුන් කිහිපදෙනක් සිටී( විජයදාස රාජපක්ෂ, චම්පික රණවක ) එමෙන්ම වර්තමානයේ සිරි මැරිදියක සිටින ගලගොඩ අත්තේ ඤාණසාර හිමි මේ පිළිබඳ සාධක සහිතව කරුණු ඉදිරිපත් කළ ස්වාමීන් වහන්සේ නමකි.

 ෆීල්ඩ්මාශල් සරත් ෆොන්සේකා පසු ගිය දිනක මහත් වැදගත් වූ කතාවක් පාර්ලිමේන්තුවේ සිදු කරමින් කියා සිටියේ තමාගෙන් මේ රටට ප්‍රයෝජනයක් ගන්නා ලෙසයි. මේ සියල්ල දෙස බැලූ විට බලය ඇති ජනාධිපති  ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ විධායක බලතල ප්‍රයෝජනයට නොගෙනය.

 ඔහු සරත් ෆොන්සේකා සමඟ තිබෙන පෞද්ගලික අමනාපය නිසා කිසි විටක මුලුමහත් ලාංකාවාසීන්ම ඝාතනය කළත් අදාල බලතල සරත් ෆොන්සේකා  හට ලබා දී රට පවතින අවධානමෙන් ගලවාගැනීමට ක්‍රියා නොකරනු ඇත.

විමල් වීරවංශ පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවේදී පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ පවා මෙම පිපිරීම ගැන දැනුවත්ව සිට ඇත. හරීන් ප්‍රනාන්දුගේ තාත්තාට තම පුතා බේරාගැනීමට තිබූ උවමනාව ලංකාවාදී අහිංසක ජනතාවගේ බදු මුදලින් සැපවත් ජීවිත ගෙවන බහුතර දේශපාලකයින්ට තිබුනේ නැත. ඔවුන් තම තමන් හොර රහසේ ආරක්ෂා වූ බව පෙනේ.

ශිරන්ති රාජපක්ෂ යනු කොච්චිකඩේ දේවස්ථානයට නිතරම යන එන චරිතයකි. ඇය එදින එම පල්ලියට ගියේ නැත.හරීන් තම පියාගේ උපදෙස් මත  එහි ගියේ නැත. පාට පක්ෂ භේදයකින් තොරව ඔවුනොවුන් ආරක්ෂා වූ බව පෙනෙන්නට තිබේ. අවසානයේ ජීවිත තුළින් වන්දි ගෙවීමට සිදු වූයේ අහිංසක ලෙස මෙන්ම ආගමානුකූලව ජීවත් වෙන මිනිසුන් පිරිසකටයි.

 ජීවිත 300 ට අධික ප්‍රමාණයක් බිළිගත් 500 කට වැඩි ප්‍රමාණයක් රෝගීන් කළ   ප්‍රහාරයක් එල්ල වී තිබියදී ඉතා සිනහමුසු මුහුණින් මාධ්‍ය සාකච්ඡා තියමින් විදෙස් මාධ්‍ය වෙත තම සිතැඟි පරිදි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් අනුවණ ජනාධිපතිවරයකු සහ අගමැතිවරයකු අතින් ලංකාව පාලනය වූ බව ඉතිහාසයට එක් වී හමාරය.