ලංකාවේ විශාල දේශපාලන පෙරළියක් ! "මෛත්‍රී" ඉන්දියාවේ තිරුපති වැඳ වැඩ අරඹයි( EXCLUSIVE) | Colombocall ලංකාවේ විශාල දේශපාලන පෙරළියක් ! "මෛත්‍රී" ඉන්දියාවේ තිරුපති වැඳ වැඩ අරඹයි( EXCLUSIVE) - Colombocall

Hot News

ලංකාවේ විශාල දේශපාලන පෙරළියක් ! "මෛත්‍රී" ඉන්දියාවේ තිරුපති වැඳ වැඩ අරඹයි( EXCLUSIVE)







ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු  පිරිසක් අද (16) උදෑසන 7.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 177 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත පෞද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

  ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ තිරුපති වන්දනාව සඳහා බවයි.

නමුත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙසේ ජනාධිපතිවරයා  තිරුපති වන්දනාවෙන් පසු ලංකාවේ බලගතු දේශපාලන තීරණයකට මුළපිරීමක් සිදුවනු ඇති බවයි.

ඇතැම් විට එය පාර්ලිමේන්තුව විසුරුවාහැරීමක් හෝ අගමැතිධූරය සඳහා වෙනත් අයෙක් පත් කිරීමක් වීමට ද බොහෝ දුරට ඉඩ ඇති බව ඔවුන් වැඩි දුරටත් පවසනවා.

ජනපති හදිසියේම තිරුපති වන්දනා කිරීමට මෙසේ පිටත්වීම ලංකාවේ දේශපාලනයේ නව  හැරවුමක් වනු ඇති බවට බොහෝ දෙනෙක් පවසනවා.

 මේ අතරම සජිත් ප්‍රේමදාස සමඟ මෛත්‍රී සන්ධාන ගත වීමට ද ඉඩ ඇති බව තැන තැන කියැවෙනවා. මෙම පුවත් හි සත්‍යාසත්‍ය තවම නිශ්චිත නොවූවත් දේශපාලන පෙරළියක් නුදුරේදීම සිදු වීමට නියමිත බව සඳහන්.