බන්ධුල ගුණවර්ධන CID වෙත ! හේතුව මෙන්න | Colombocall බන්ධුල ගුණවර්ධන CID වෙත ! හේතුව මෙන්න - Colombocall

Hot News

බන්ධුල ගුණවර්ධන CID වෙත ! හේතුව මෙන්න









පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීමට එරෙහිව ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව ඉදිරියේදී තමන් අල්ලස් හා දූෂණ කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයද දැනුවත් කරන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ලංකාවේ පාර්ලිමේන්තුවේ 2015 න් පස්සේ නිතිය හදන අය තේ හදන පුද්ගලයින්ට වඩා පහත තත්ත්වයට ඇද දමලා කටයුතු කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල සහ මන්ත්‍රිවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ වගේ අය වංචාකරුවන් කියලා පහුගිය කාලේ සිරභාරයට අරගත්තා. සනත් නිශාන්ත මන්ත්‍රිවරයාව අත්අඩංගුවට ගත්තේ පරණ නඩුවකට අත්සන් කරන්න ආවේ නැහැ කියලා. ඒ හේතුවෙන් හෙට (08) දිනයේදී මම අල්ලස් කොමිසමේ ප්‍රධානියාව හමුවෙලා මේ සම්බන්ධයෙන් සාකච්ජා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වංචාකරුවන් හොරුන් කියලා තියෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වල තත්ත්වය කොහොමද කියලා දැනගන්න අවශ්‍යයි. අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්න බලාපොරොත්තු වනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිල්ලක් කරන්න සුදානම් බව මෙහිදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.