මෛත්‍රී , රනිල් දෙදෙනා "තිස්ස" ට අනුකම්පා කරන ලකුණු ! | Colombocall මෛත්‍රී , රනිල් දෙදෙනා "තිස්ස" ට අනුකම්පා කරන ලකුණු ! - Colombocall

Hot News

මෛත්‍රී , රනිල් දෙදෙනා "තිස්ස" ට අනුකම්පා කරන ලකුණු !






වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් පසුගිය ජනාධිපතිවරණය සමයේදී ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා නගමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව ගොනු කර ඇති නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කොන්දේසි සහිතව එකඟතාවය පළකර ඇති බව අද (04) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා.
අද දින මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි ඉදිරියේ කැඳවු අවස්ථාවේදී මෙම නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට පාර්ශ්වයන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම නඩුව සම්බන්ධයෙන් තිස්ස අත්තනායක සමාව අයැද සිටින්නේ නම් නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැමැත්ත පල කර ඇති බව පාර්ශ්වයන් අධිකරණයට දැනුම් දී තිබුණා.
ඒ අනුව මෙම නඩුව අප්‍රේල් මස 24 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (04) දින නියම කළා.