ආණ්ඩුවෙන් අවුරුද්දට ගමේ යන්න බස් ගොඩක් ලබා දෙයි ! | Colombocall ආණ්ඩුවෙන් අවුරුද්දට ගමේ යන්න බස් ගොඩක් ලබා දෙයි ! - Colombocall

Hot News

ආණ්ඩුවෙන් අවුරුද්දට ගමේ යන්න බස් ගොඩක් ලබා දෙයි !





සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ වේ.
ඒ අනුව හෙට පස්වරුවේ සිට 22 වැනි දා දක්වා අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාව ක්‍රියාත්මක වනු ඇති.

ලංකා ගමනාගමන මණ්ඩලයේ කාලසටහන් හා සැලසුම් කලමණාකාර සජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේ, මුල් අදියර යටතේ දීපව්‍යාප්තව අතිරේක බස් රථ 1,500 ක් කොළඹින් ගමන් ආරම්භ කරන බවයි.

සාමාන්‍ය දිනකදී කොළඹින් ගමන් අරඹන බස් රථ සංඛ්‍යාව 1350 කි.

අතිරේක බස් රථ යෙදවීමත් සමග උත්සව සමය වෙනුවෙන් බස් රථ 5800 කට ආසන්න සංඛ්‍යාවක් දීපව්‍යාප්තව ධාවනය කෙරෙන බව සජීව ඩිලුක්ෂ මහතා සඳහන් කළේ ය.

උත්සව සමයෙන් පසු යළි කොළඹට පැමිණෙන ජනතාව සඳහා දෙවන අදියර යටතේ බස් රථ සේවාව ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසුවේ ය.

ඊට අමතරව දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය වන බස් රථවල ගමන්වාර දෙකක් අතර කාලසීමාව අඩු කර ධාවනය කරවීමට ද ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම් කර තිබේ.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 10 වැනි දා සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

දුර ගමන් සේවා දුම්රිය වාර 20 ක් පමණ එම කාලසීමාව තුළ ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ, බදුල්ල, යාපනය සහ බෙලිඅත්ත දක්වායි.

අනෙක් මාර්ග සඳහා ද අවශ්‍ය පරිදි අතිරේක දුම්රිය ගමන්වාර යෙදවෙනු ඇති.