කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල සැක කටයුතු පාර්සලයක් ! ත්‍රස්ත සංවිධාන සඳහා යැවීමට දේවස්ථාන වීඩියෝ කල අයෙක් අත් අඩංගුවට ! | Colombocall කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල සැක කටයුතු පාර්සලයක් ! ත්‍රස්ත සංවිධාන සඳහා යැවීමට දේවස්ථාන වීඩියෝ කල අයෙක් අත් අඩංගුවට ! - Colombocall

Hot News

කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසල සැක කටයුතු පාර්සලයක් ! ත්‍රස්ත සංවිධාන සඳහා යැවීමට දේවස්ථාන වීඩියෝ කල අයෙක් අත් අඩංගුවට !









කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය ස්ථානය අසල සැක කටයුතු පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරක් මත මේ වන විට ආරක්ෂක අංශ විසින් විශේෂ සෝදිසිකිරීමක්  ආරම්භ කර තිබෙනවා.

මේ අතරම දීප ව්‍යාප්තව ත්‍රස්ත ජාලයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙන මෙම ත්‍රස්තයින්ට සහයෝගය දක්වන පුද්ගලයින් මෙසේ පිපිරීම්වලට ලක් වූ දේවස්ථාන හා අනෙකුත් ස්ථාන තුළට ගොස් ඒවායේ ෆොටෝ සහ වීඩියෝ ගත කිරීම අරඹා තිබෙනවා.

මෙසේ ලබාගන්නා වීඩියෝ විදේශයන් හි සිට මෙම ප්‍රහාර රසවිඳින නායකයින් වෙත යවා විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගැනීම ඔවුන්ගේ රාජකාරියයි.

මෙම  ක්‍රියාව සිදු කල එක් තරුණයකු ඊයේ දෙමටගොඩ ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගත් අතර ඔහුගේ ජංගම දුරකථනයේ තිබී සැන්ඩ්‍රීලා සහ කින්ස්බරි හෝටල් තුළ බෝම්බ පිපිරීමට පෙර ලබාගත් දර්ශන පොලිසිය සොයාගෙන තිබෙනවා.

මෙවන් පුද්ගලයකු අද (23) මීට සුළු මොහොතකට පෙර කටුවපිටිය දේවස්ථානයෙන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහි වීඩියෝවක් පවතින අතර එය තවම මාධ්‍ය වෙත පලකිරීමට අවසර ලැබී නෑ.