නුවර එළියෙන් ඩෙටනේටර් තොගයක් සොයාගනී ! ඇළකට දමා පළා ගොස් | Colombocall නුවර එළියෙන් ඩෙටනේටර් තොගයක් සොයාගනී ! ඇළකට දමා පළා ගොස් - Colombocall

Hot News

නුවර එළියෙන් ඩෙටනේටර් තොගයක් සොයාගනී ! ඇළකට දමා පළා ගොස්




නුවරඑළිය හාවාඑලිය ප්‍රදේශයේ මහින්ද මාවතේ බොක්කුවක් මත තිබි ඩෙටිනේටර් 198 හමු වු බව නුවරඑලිය පොලීසිය පවසයි

නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල බොක්කුවක් මත සැක සහිත පාර්සලයක් තිබෙන බවට නුවරඑලිය පොලිසිය වෙත ලද තොරතුරක් මත යුධ හමුදාව සහ පොලිසිය එක් ව අද (25) උදැසන 10.30 ට පමණ සිදු කල සොදිසි මෙහෙයුමකදි සැකසහිත පාර්සලය ආරක්ෂිතව රැගෙන පරික්ෂා කර බැලිමේදි එහි තුල මෙම ඩෙටිනේටර් තොගය තිබු බවයි නුවරඑලිය පොලිසියේ නිලධාරියෙකු පැවසුවේ.

නුවරඑළිය ප්‍රදේශයේ සොදිසි  මෙහෙයුම් සිදු කරන බැවින් කිසියම් අයෙකු විසින් මෙම ඩෙටිනේටර් තොගය ඇළ මාර්ගය වෙත ගෙනවිත් දමන්නට ඇති බව පොලිසිය වැඩිදුටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව වෙන් වෙන්ව පරික්ෂණ පවත්වයි.