ජනතා මුදල් වංචාකර කට්ටි පනිමින් සිටි විගොඩ සභාපතියා අත් අඩංගුවට ගනී | Colombocall ජනතා මුදල් වංචාකර කට්ටි පනිමින් සිටි විගොඩ සභාපතියා අත් අඩංගුවට ගනී - Colombocall

Hot News

ජනතා මුදල් වංචාකර කට්ටි පනිමින් සිටි විගොඩ සභාපතියා අත් අඩංගුවට ගනී






ගම්පහ, වීගොඩ සණස සමිතියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රුපියල් කෝටි 75 කට අධික මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මතයි.

ගම්පහ සණස නිවාස සංකීර්ණ රථගාලේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

44 හැවිරිදි ඔහු වීගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රදේශයේ ජනතාව සතු මුදල් කෝටි ගණනක් වංචා කර සිරි සේ වියදම් කරමින් දේශපාලනයට පා තැබීමේ සූදානමකින්  සිටි මොහු මීට පෙර සිටම විවිධ මුදල් වංචා පිළිබඳ චෝදනා ලැබ සිටි අයෙකු බව කියැවෙනවා