නියමුවන් රහිත ගුවන්යානයක් ගැන ආරක්ෂක අංශ අවධියෙන් | Colombocall නියමුවන් රහිත ගුවන්යානයක් ගැන ආරක්ෂක අංශ අවධියෙන් - Colombocall

Hot News

නියමුවන් රහිත ගුවන්යානයක් ගැන ආරක්ෂක අංශ අවධියෙන්







නියමුවන් රහිත කුඩා ගුවන් යානයක් පියාසර කිරීමේ සිද්ධියක් මන්නාරම පේසාලේ ප්‍රදේශයට ආසන්නයේ අහසේ ඊයේ (28) රාත්‍රියේ වාර්තා වී තිබෙනවා.

රාත්‍රි 10.30 ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර එහිදී හඬ පමණක් අසන්නට ලැබී ඇති බවයි වාර්තා වුණේ.

මෙම නියමුවන් රහිත ඩ්‍රෝන වර්ගයට අයත් බව සැක කෙරෙන ගුවන් යානයේ හඩ පැය භාගයක පමණ කාලයක් තිබී ඇති අතර යානය නිශ්චිතව හදුනා ගැනීමට හැකි වී නැහැ.

මෙම ප්‍රදේශයේ සිටි ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු ගුවන් යානයේ හඩ ආ දෙසට වෙඩි තබා ඇති බවද  වාර්තාකරු සඳහන් කළා.

මන්නාරම සහ පේසාලේ ප්‍රදේශවල ආරක්ෂක නිලධාරීන් මෙම යානයේ හඬ ඇසුණු පළාත්වල  සාමාන්‍ය වැසියන් හමු වී ඔවුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමේ කටයුතුද මේ වන විට ආරම්භ කොට ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයට ඉහළින් පසුගිය 27 වැනිදා ඩ්‍රෝන යානයක් පියාසර කිරීමේ සිද්ධියක් ද වාර්තා වී තිබුණා.

ඉකුත් 26 වැනිදා ද ඩ්‍රෝන යානයක් හෝ නියමුවන් රහිත යානයක් විය හැකි මෙම යානය එළුවන්කුලම නාවික හමුදා කඳවුර ඉහළින් ද පියාසර කර තිබෙනවා.