රිශාඩ්ගේ මල්ලී අත් අඩංගුවට ගත්තේ රිශාඩ්ව ගන්න බැරි නිසා ! | Colombocall රිශාඩ්ගේ මල්ලී අත් අඩංගුවට ගත්තේ රිශාඩ්ව ගන්න බැරි නිසා ! - Colombocall

Hot News

රිශාඩ්ගේ මල්ලී අත් අඩංගුවට ගත්තේ රිශාඩ්ව ගන්න බැරි නිසා !





අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යුධ හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වන්නේ.

මේ අතර එසේ අත් අඩංගුවට ගත් පුද්ගලයා නිදහස් කරගැනීමේ අරමුණින් මේ වන විට ඇතැම් දේශපාලකයින් ඔහුට ඇප ලබා දීමට හැකියාවක් ඇතිදැයි සොයාබලමින් සිටින බව වාර්තා වෙනවා.

මේ අතර රිශාඩ් අත් අඩංගුවට නොගෙන මල්ලීගේ නාමයෙන් සිතාමතාම  ඔහුව මෙසේ නීතිය හමුවට ඉදිරිපත් කළ බවට ද ඇතැමුන් පවසනවා.

නව එක් කිරීම -

  මීට සුළු මොහොතකට පෙර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයා නිදහස් කර තිබෙනවා. යහපාලන රජයේ තීරණ ගැනීම  සිදුකරන්නේ ජනාධිපතිවරයා වුවත් ඔහුට  විරුද්ධව කිසිවෙක්  හඬ නැඟීමක් සිදු නොකරන බව පැහැදිලි වෙනවා.