වරාය නගරය හැදුවොත් කොළඹ ගිලා බහිනවා ! ජනපති කියූ කතාවක් පාඨලී මතක් කරයි | Colombocall වරාය නගරය හැදුවොත් කොළඹ ගිලා බහිනවා ! ජනපති කියූ කතාවක් පාඨලී මතක් කරයි - Colombocall

Hot News

වරාය නගරය හැදුවොත් කොළඹ ගිලා බහිනවා ! ජනපති කියූ කතාවක් පාඨලී මතක් කරයි






ඉදි කෙරෙමින් තිබෙන කොළඹ වරාය නගරය නිසා නව රැකියා අවස්ථා බොහෝ ගණනක් නිර්මාණය වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

රට හැරයාමට නියමිත වෘත්තීයවේදීන් 80,000කට ද මෙමගින් රැකියා අවස්ථා උදාවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කොළඹ වරාය නගරය නිසා බරපතල පරිසර හානියක් සිදු වන බවට ද විවේචන පැවතියා. එහෙත් එම විවේචනවලටද දැන් පිළිතුරු ලැබී තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොළඹ වරාය නගරය පාලනය කෙරෙන්නේ විශේෂ පාලනාධිකාරියක් යටතේ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එහිදී "ඇත්තම කිව්වොත් ජනාධිපතිතුමාත් මට මතකයි කොහෙදෝ ගිහිල්ලා පත්තරයක් උස්සලා කිව්වා..වරාය නගරය හැදුවොත් කොළඹ ගිලා බහිනවා කියලා. දවසක් අපි කැබිනට් එකේ ඉන්නකොටම කිව්වා...මෙන්න දැන් මේ බිල්ඩිම හෙල්ලෙනවා.. මේක ගිලා බහින්න යනවා වගේ එකක් කිව්වා. අපි එවෙලෙම ගිහිල්ලා ඒක නවත්තලා බැලුවා. ඔය වගේ බය සැක තිබුණා. ඒ ඔක්කෝම එක්ක අපි දැන් මේක සම්පූර්ණයෙන්ම මේ හෙක්ටයාර 269ම ගොඩ කරලා තියෙනවා."  යනුවෙන් ද සඳහන් කළා.