සිරකරුවන් බැලීමට අවුරුදු සමයේ දින ගණන දිගු කරයි !
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර ගත රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙවර දින 5 ක් ලබාදිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මීට පෙර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ පවුල්වලට අවස්ථාව ලබාදි තිබුණේ අවුරුදු දිනය හා තවත් එක් දිනක් පමණයි.
එහෙත් එම දිනයන්හි පවතින ප්‍රවාහන දුෂ්කරතාද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් පැවසුවේ.
ඒ අනුව අප්‍රේල් මස 13 වනදා සිට 17 වනදා දක්වා බන්ධනාගාර රැදවූවන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව හිමිවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.