ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි ! නව ලේකම් "දයා රත්නායක" | Colombocall ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි ! නව ලේකම් "දයා රත්නායක" - Colombocall

Hot News

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි ! නව ලේකම් "දයා රත්නායක"





අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා  එම තනතුරින් ඉවත්කර වෙනත් අයකු පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබුණා.

එය ස්ථීර කරමින් මේ මීට සුළු මොහොතකට පෙර හේමසිරි ප්‍රනාන්දු මහතා ඉල්ලා අස්වී තිබෙන බවත්  ඒ සමඟම  නව ආරක්ෂක ලේකම් ලෙස දයා රත්නායක මහතා පත් කර තිබෙන බවත් වාර්තා වෙනවා.

 පොලිස්පතිවරයාට ද ඉල්ලා අස්වෙන්නැයි දැනුම්දීමට නියමිත බවද ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසනවා.

අද (24) උදැසන 8.30ට පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේබව අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

කෙසේ නමුත් ඉදිරි පැය 24 ඇතුළත ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ වෙනස්කම් වනු ඇතැයි කියවෙනවා.