ඉන්දුනීසියා ගුවන් යානයක් මගීන් සමඟම කටුනායකට යන්තමින් ගොඩබාපු හැටි ! | Colombocall ඉන්දුනීසියා ගුවන් යානයක් මගීන් සමඟම කටුනායකට යන්තමින් ගොඩබාපු හැටි ! - Colombocall

Hot News

ඉන්දුනීසියා ගුවන් යානයක් මගීන් සමඟම කටුනායකට යන්තමින් ගොඩබාපු හැටි !







ඉන්දුනීසියාවේ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුල හදිසියේ දුමාරයක් ඇති වීම හේතුවෙන් එම යානය අද (02) රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගන්නා ලදී.
ඉන්දුනීසියාවේ "ගරුඩා ගුවන් සේවයට" අයත් GA- 972 දරන  A-330 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි කාර්යය මණ්ඩලය ඇතුළු මගින් 338 දෙනෙක් සිටිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා සදහන් කර සිටියා.
මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ බණ්ඩාචි ගුවන් තොටුපළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ බලා පිටත්ව යමින් සිටියදී ශ්‍රී ලංකාවට ඉහළ අහසේදී යානය තුළ හදිසියේම දුමාරයක් ඇති වීම නිසා ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඒ බව දැනුම් දීමෙන් අනතුරුව ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට අවසර ලබා දී ඇත.
 ඒ අනුව හදිසි ගොඩබෑමක් සදහා කටුනායක ගුවන් තොටුපළ තුල ගිනි නිවීමේ රථ, ගිලන් රථ ඇතුළු සියලු හදිසි ඒකකයන් සුදානම් කර තිබු බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සදහන් කර සිටියේ.
කාර්මික දෝෂයට ලක්ව තිබු ගුවන් යානය ගුවන් නියමුවා විසින් රාත්‍රී 9ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට සමත් විය.
පසුව මෙම ගුවන් යානයේ වූ මගීන් යානයෙන් ඉවත් කර කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර ගුවන් යානය තුළ හදිසියේ හටගත් දුමාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගුවන් සේවා ඉංජිනේරුවන් විසින් මේ වන විට ආරම්භ කර තිබේ.