"ස්ලාම් ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන්ම මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා" -ගෝඨාභය-
බුද්ධි අංශ ශක්තිමත් කර ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සදහා තමා මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල බව රොයිටර් පුවත්සේවය අද(26) වාර්තා කලා.
සජීව් මිග්ලානි සහ ශිහාර් අනීස් සමඟ ගෝඨාභය රාජපක්ශ මහතා සිදුකල සාකච්ජාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවය අක්‍රීය කිරීම නිසා පසුගියදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවූ බවත් තමන් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු බුද්ධි අංශ නැවත් ගොඩනංවන බවත් ඔහු විශේෂයෙන් සඳහන් කර ඇත.