ලෝක කුසලානයට යන නොයන අය තීරණය කරන දිනය මෙන්න ! | Colombocall ලෝක කුසලානයට යන නොයන අය තීරණය කරන දිනය මෙන්න ! - Colombocall

Hot News

ලෝක කුසලානයට යන නොයන අය තීරණය කරන දිනය මෙන්න !







මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී  ලංකා කණ්ඩායම එළඹෙන 18 වනදා වනවිට නම් කරන බව ශ්‍රී  ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්තද මෙල් පවසනවා.

ඊයේ නිමාවට පත් වූ අන්තර් පළාත් සුපර් ෆෝ ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා සහ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් එම කණ්ඩායම නම් කරන බවයි ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානියාගෙන් කළ විමසීමකදී කියා සිටියේ.

කෙසේවෙතත් කණ්ඩායමේ නායකයා නම් කිරීම අවසන් සංචිතය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සිදු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

එක්දින නායකත්වය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පිළිබදව අවධානය යොමුව ඇතැයිද ශ්‍රී  ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්තද මෙල් අප වෙත කියා සිටියා.