සිදු වූ සියල්ල හෙළිවීම ඇරඹේ ! මුස්ලිම් කාන්තාවක් ඇතුළු තවත් අයෙක් අත් අඩංගුවට ! | Colombocall සිදු වූ සියල්ල හෙළිවීම ඇරඹේ ! මුස්ලිම් කාන්තාවක් ඇතුළු තවත් අයෙක් අත් අඩංගුවට ! - Colombocall

Hot News

සිදු වූ සියල්ල හෙළිවීම ඇරඹේ ! මුස්ලිම් කාන්තාවක් ඇතුළු තවත් අයෙක් අත් අඩංගුවට !





ලංකාවේ ස්ථාන රාශියක එක වර බෝම්බ ප්‍රහාර කිහිපයක් එල්ලවීම නිසා ජනතාව මහත් භීතියකට පත්ව තිබෙනවා. ඒ හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය තොරතුරු හුවමාරු වීමට පටන් ගෙන තිබූ නිසා සමාජ මාධ්‍ය සියල්ල තාවකාලිකව  අත් විසන්ධි කර දැමීමට රජය තීරණය කළා.

 ඒ අනුව ෆේස් බුක් , වට්සප් , ඉමෝ , වයිබර් , යූ ටියුබ්, මැසෙන්ජර් ආදී තොරතුරු හුවමාරුවන මාධ්‍ය රාශියක්  විසන්ධි වී තිබෙනවා.

අද(21) සවස 03.30 සිට හෙට (22) උදෑසන 06.00 දක්වා පොළිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ ජනතාව මෙසේ ප්‍රහාරයට ලක් වූ ස්ථාන සහ රෝගීන් බැලීමට යාම නිසා ඇති වන අපහසුතාවය වැලැක්වීමටත් එසේ ජනතාව ඒකරාශී වූ ස්ථාන ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර දියත් කිරීමට වැඩි සම්භ්‍යාව්‍යතාවක් තිබීමත් හේතුවෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  මේ වන විටත් මෙම ප්‍රහාර සඳහා සැකපිට පුද්ගලයින්  කිහිප දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර මුස්ලිම් කාන්තාවක් ද ඇති බව වාර්තා වෙනවා.

ඔවුන්ගෙන් සිදු කරන ප්‍රශ්නකිරීම් තුළදී සැබෑ සිදුවීම හෝ මෙයට සම්බන්ධ වෙනත් හෝඩුවාවන් රාශියක් හෙළිකරගැනීමට හැකි බව පොළිසියේ විශ්වාසයයි.

බොහෝ දුරට මෙම ප්‍රහාරයේ අරමුණ කතෝලික ජනතාව ඝාතනය කිරීම බව හෙළි වෙමින් පවතින අතර මෙය කාගේ උවමනාවක් මත සිදුවේ ද යන්න තවමත් ගැටළුවක් ව පවතිනවා.

මීට දින කිහිපයකට පෙර ජේසුතුමාගේ කටු ඔටුන්න පිහිටි දේවස්ථානයේ ඇති වූ ගින්න පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමු වුනා.

එසේම මේ වන විට මුළුමහත් ලෝකයේම අවධානය ලංකාවදෙසට එල්ල වෙමින් පවතින්නේ 300 කට අධික ජීවිත ප්‍රමාණයක් ත්‍රස්තප්‍රහාරය හමුවේ බිලි වී තිබීම නිසා ය.

රහසිගත ආරංචිමාර්ග ප්‍රකාශ කරන පරිදි මුස්ලිම් අන්තවාදීන් විසින් මෙය ඉතා සූක්ෂම ආකාරයට සැලසුම් කර ඇති අතර මෙය ලොව පුරා කිතුණු බැතිමතුන් ඉලක්ක කරගනිමින් දියත් වන ප්‍රහාර මාලාවක එක කොටසකි.

දිවයින පුරා ඉතා සැලසුම්සහගතව මෙම ප්‍රහාර දියත් කිරීමේ උත්සහය ඔවුන් සාර්ථකව සිදු කර ඇති බවත් ඉදිරියේදී ප්‍රධාන ස්ථාන ඉලක්ක කරගෙන මෙවන් තවත් ප්‍රහාර දියත් වීමට හැකි බවත් වාර්තා වෙනවා.

එම නිසා ජනතාව දැඩි විමසිල්ලකින් පසුවීම වඩා යහපත් වනු ඇතැයි කියවෙනවා.