පොදු අපේක්ෂයකා ගැන මංගලගෙන් ප්‍රභල අනාවැකියක් ! | Colombocall පොදු අපේක්ෂයකා ගැන මංගලගෙන් ප්‍රභල අනාවැකියක් ! - Colombocall

Hot News

පොදු අපේක්ෂයකා ගැන මංගලගෙන් ප්‍රභල අනාවැකියක් !








හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා මෙවර ඉතිහාස ගත ඡන්ද ප්‍රතිශතයක් ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා ලබාගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ මාතර, නූපේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

" බොහෝ දෙනා කතාවෙන්නේ ඉදිරියේ එන ජනාධිපතිවරණය සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂය දිනවලා තවත් අවුරුදු ගණනාවක් රට පාලනය කරන්න පුළුවන් කවුරුන්ද කියලා මේ දිනවල කතිකාවතක් ඇතිවෙලා තියෙනවා. මේ රටේ එකම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිව ඒ අපේක්ෂකයා අපි නම් කරනවා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට පස්සේ මේ රටේ වැඩිම ජන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා ඉදිරියේදී ඔබලා දකින්නට යනවා"

යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.