මදුෂ්ගේ ගෝලයෝ සෙට් එක ලංකාවට එද්දිම අත් අඩංගුවට ! | Colombocall මදුෂ්ගේ ගෝලයෝ සෙට් එක ලංකාවට එද්දිම අත් අඩංගුවට ! - Colombocall

Hot News

මදුෂ්ගේ ගෝලයෝ සෙට් එක ලංකාවට එද්දිම අත් අඩංගුවට !





මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේ දී අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
ඔවුන් අද අලුයම 04.55ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු එල් 226 දරණ යානයෙන් දිවයිනට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.
මොහොමඞ් සියාම් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකු සහ ලංකා සජිත පෙරේරා නමැති 40 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේ වනවිට ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. 
ඩුබායිහි දී පිටුවහල් කර මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැණුනා. ඒ අතර සිටි ගායක නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ප්‍රශ්න කිරීම්වලින් පසු මුදා හැරුණු අතර තවත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.
ඩුබායිහි සිට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු කන්ජිපානි ඉම්රාන්ගෙන් මාස 03ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් ඉකුත්දා කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ද හිමි වුණා.