කොල්ලා තාම තීරණයක් අරං නෑ ! බොරු කතා ගොඩක් | Colombocall කොල්ලා තාම තීරණයක් අරං නෑ ! බොරු කතා ගොඩක් - Colombocall

Hot News

කොල්ලා තාම තීරණයක් අරං නෑ ! බොරු කතා ගොඩක්





එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි නොවන බවට කිසිදු නිල දැනුම්දීමක් ලසිත් මාලිංගගෙන් මේ දක්වා ලැබී නැතැයි ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලි ද සිල්වා පැවසුවේ ලසිත් මාලිංග මෙම තරගාවලිය සදහා ශ්‍රී  ලංකාව වෙනුවෙන් සහභාගි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා තමන් නම් නොකෙරුණ හොත් එම තරගාවලිය සදහා සහභාගි නොවී ලසිත් මාලිංග විශ්‍රාම ගනු ඇතැයි මීට පෙර අන්තර්ජාල වාර්තා පළ වුණා. කෙසේවෙතත් සංචිතයේ නායකත්වය සදහා නම් කර ඇත්තේ දිමුත් කරුණාරත්නයි.

ඒ අනුව ගනු ලබන පියවර කුමක් දැයි  ලසිත් මාලිංගගෙන්ද විමසීමක් කළා. ඔහු පැවසුවේ සංචිතය සම්පූර්ණයෙන් නම් කිරීමෙන් පසු සිය තීරණය ගන්නා බවයි. සම්පූර්ණ සංචිතය ඊයේ පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.