හෙදියන් වැඩ වර්ජනයක ! රෝගීන් අපහසුතාවයට පත් වෙයි !
ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද(05) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ, හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්‍රමාදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව ය.
මේ පිළිබඳ කළ විමසුමකදී අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි කුමාරතිලක මහත්මිය සඳහන් කළේ, වර්ජනය පැවතිය ද රෝහල් සේවා උපරිම අයුරින් පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව ය.
ඒ අනුව අද(05) දිනයට නියමිත සායන මෙන්ම බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර සේවා ද ක්‍රියාත්මක බව ඇය සඳහන් කළා ය.