අද(13) සහ හෙට නීතිය දැඩි වෙයි ! විස්තරය මෙන්න | Colombocall අද(13) සහ හෙට නීතිය දැඩි වෙයි ! විස්තරය මෙන්න - Colombocall

Hot News

අද(13) සහ හෙට නීතිය දැඩි වෙයි ! විස්තරය මෙන්න






අද (13) සහ හෙට (14) යන දෙදින තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රටපුරා විශේෂ වැටලීම් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා සේවයේ යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 8,000කට අධිකයි. මෙම විශේෂ වැටලීම් සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පුද්ගලයින් වැඩි වශයෙන් මාර්ග අනතුරුවලට ලක්වන්නේ මෙම දින දෙකේදී බවට තොරතුරු පැවතීමයි.

 ගත වූ වසර 10ක පොලිස් වාර්තා සැසඳීමේදී ඒ බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන නගර ආශ්‍රිතව සිදුවන විවිධ වංචා සහ සොරකම් වැළැක්වීමේ අරමුණින් ද විශේෂ පොලිස් මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

අලුත් අවුරුද්ද උදාවීමට පෙර ඇති අවසන් දිනය වන අද දිනයේත් බොහෝ දෙනෙකු නගර වෙත පැමිණෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම වැටලීම් සිදු කිරීමට නියමිතයි.