ඇමරිකාවේදී සිදු වූ සියල්ල ගුවන්තොටුපලේදී ගෝඨාභය වමාරයි ! -PHOTOS- | Colombocall ඇමරිකාවේදී සිදු වූ සියල්ල ගුවන්තොටුපලේදී ගෝඨාභය වමාරයි ! -PHOTOS- - Colombocall

Hot News

ඇමරිකාවේදී සිදු වූ සියල්ල ගුවන්තොටුපලේදී ගෝඨාභය වමාරයි ! -PHOTOS-







තමා ඇමරිකාව බලා පිටත් වුණේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා බවත් එම කටයුතු සාර්ථකව සිදු කරගත් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

අද පෙරවරුවේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු සංචාරය අතරතුර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහාතාගේ දියණිය ඔහුගේ මරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇමරිකාවේදී නඩුවක් පැවරීමට කටයුතු කිරීමට කටුයුතු කළ අතර ඊට බොහෝ දෙනාගේ අවධානය හිමිවිය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කලේ ඇමරිකාවේ සිටින කාලය අතරතුරදි තමා ආරක්ෂක ලේකම්වරයාව සිටින කාලයේ සිදුවූ බව කියන මාධ්‍යවේදියෙකු ඝාතනයක් හා තවත් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිවිල් නඩුවක් පැවරීමට යම් පිරිසක් කටයුතු කර ඇති බවය.

කෙසේ වෙතත් අමෙරිකාවේ නීතිය අනුව පුද්ගලික ආයතනයක් මඟින් මේ සම්බන්ධයෙන් සිතාසි ලබා දිය යුතු වුවත් එවැනි ක්‍රියාවලියක් සිදු නොවු බව ද සඳහන් කළ ගෝඨාභය මහතා, මේ වන විට අමෙරිකාවේ සිටින සිය නීතිඥවරුන් මෙම නඩුව නිශ්ප්‍රභා කර ගැනීමට අදාළ කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

එමෙන්ම මෙය හුදෙක්ම ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන දේශපාලන අරමුණකින් සිදුකළ දෙයක් බවත් ,ඒ මොහොතේ ශ්‍රී ලංකාවාසි ජනතාවත්, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුනුත්,ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලංකාකියනුත් විශාල සහයෝගයක් ලබා දුන් බවත් ඒ මහතා කියා සිටියේය.