කණ පැළෙන්න බීලා රැඳවියන් සමඟ බස් එක ධාවනය කරලා !
රැදවියන් අට දෙනෙකු (08) රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයක බීමත්ව සිටි බන්ධනාගාර නියාමකවරුන් පිරිසක් පිළිබඳව පුවතක් වාර්තා වුණා.
පොළොන්නරුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය දක්වා මෙම රැඳවියන් රැගෙන යාමට අදළ නිලධාරීන් කටයුතු කරමින් සිට තිබූ බවයි එහිදී වැඩි දුරටත් අනාවරණය වී තිබෙන්නේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බස් රථයකින් මරණ දණ්ඩණයට නියමු රැඳවියෙකු ඇතුළු රැදවියන් 08 දෙනෙකු පොළොන්නරුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යන බස් රථයේ නිලධාරින් තිදෙනෙකු මෙලෙස බීමත්ව සිට තිබෙනවා.
ඒ පිළිබඳව මින්නේරිය පොලිසියට ලද තොරතුරක් මත මෙම නිලධාරින් තිදෙනා මින්නේරිය නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.