මෛත්‍රී වැඩ පටන් ගනී ! ප්‍රධානීන්ගේ වෙනස මෙන්න | Colombocall මෛත්‍රී වැඩ පටන් ගනී ! ප්‍රධානීන්ගේ වෙනස මෙන්න - Colombocall

Hot News

මෛත්‍රී වැඩ පටන් ගනී ! ප්‍රධානීන්ගේ වෙනස මෙන්න





නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. 
එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා වැඩබලන නිතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා.
අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න නව විගණකාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවා.
එකී පත්වීම්වලට අමතරව වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ද පත් කර තිබෙනවා.
අදාළ සියලු පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊට අදාල පත්වීම් ලිපි ලබා ගත්තා. 
කෙසේවෙතත් පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉවත් වූ බවට මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් සිදු කර නැහැ.