මන්නාරම ASP නීතියට කොටු වෙයි ! | Colombocall මන්නාරම ASP නීතියට කොටු වෙයි ! - Colombocall

Hot News

මන්නාරම ASP නීතියට කොටු වෙයි !






පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත ලබන 11 වැනි දා දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කරනු ලැබුවා.
සුනන්ද කන්ඩම්බි නැමති පුද්ගලයෙක් ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව මෙම සහකාර පොලිස් අධිකාරීවරයා ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවත් එවකට මෙම නිලධාරියා පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
එම කරුණු සැලකිල්ලට ගනිමින් කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා සහකාර පොලිස් අධිකාරිවරයාව රිමාන්ඩ් ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.